මැයි 7 වනදා : නිවාඩු ලැබෙන හැටි දන්නවද ?

මැයි 7 වනදා : නිවාඩු ලැබෙන හැටි දන්නවද ?

මැයි 1 වනදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම රජය විසින් මැයි 7 වනදාට කල්දැමීම හේතුවෙන් පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසයි.

මැයි 1 වනදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම රජය විසින් මැයි 7 වනදාට කල්දැමීම හේතුවෙන් පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතන වල සේවකයන්ට එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසයි.

ඒ අනුව පෞද්ගලික අංශය, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන වලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් ලැබෙන බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ වුවත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් කිහිපදෙනෙකුම සඳහන් කර සිටියේ  ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 1 වනදා නිවාඩු දිනයක් නොවන බවත් එබැවින් එදින සාමාන්‍ය පරිදි සේවකයින් වාර්තා කරනු ඇති බව අපේක්ෂා කරන බවය. මැයි 7 ට යොදා ඇත්තේ මැයි 1 වනදාට යෙදී ඇති නිවාඩුව බව ඔවුන් එහිදී පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න