කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් මුදල් ඇමති හමුවෙයි

කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් මුදල් ඇමති හමුවෙයි

කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එරට දායකත්වය, ආයෝජන සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය. මෙම අවස්ථාවට නව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, දේශපාලන උපදේශක ජෙන් හාට්, කැනේඩියානු අපනයන සංවර්ධන කටයුතු පිළිබඳ උප සභාපති විලියම් බ්‍රවුන්, කැනේඩියානු වාණිජ සංස්ථාවේ ආසියනු අධ්‍යක්ෂ යුවෝන් චින් සහ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ කොමසාරිස් අවන්ටි කූන්ග් යන මහත්ම මහත්මීහු එක් වූහ.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල යන මහත්වරු ද මෙම අවස්ථාවට එකව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න