බැඳුම්කර නඩුවටත් උදර්පණ හුටපටය හරස් වෙලා : ඇලෝ - කසුන් යළිත් රිමාන්ඩ්

බැඳුම්කර නඩුවටත් උදර්පණ හුටපටය හරස් වෙලා : ඇලෝ - කසුන් යළිත් රිමාන්ඩ්
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝශියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මැයි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඒ අද (26) ඔවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
 
එහිදී ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබීම මත  මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කිසියම් රටක දී අත්අඩංගුවට පත් වූවත් ඔහුව  උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රශ්නයක් මතුවිය හැකි බැවින් ඊට අදාළ නීතිමය පියවර ගනිමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට  දන්වා ඇති බවද වාර්තා වෙයි.
 
ඒ සඳහා  අදාළ නඩුවේ පිටපතක් තමන් වෙත නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙතින් ඉල්ලා ඇති අතර අධිකරණය ඊට අවසර ලබාදී ඇති බවද වාර්තා වෙයි.
 
එසේම මැයි 10 වනදාට   පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න