නිදහස් සේවක සංගමයත් දෙකඩ වෙයි

නිදහස් සේවක සංගමයත් දෙකඩ වෙයි

ලෙස්ලි දේවේන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වුවත් ඔහු කියූ පමණින් ස්වාධීන විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් අවධාරණය කර සිටියි.

මේ මොහොතේ පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදය වැනි අවස්ථා පක්ෂයේ ඉතිහාසය තුළත් සිදුව ඇති බවත් එහෙයින් වත්මන් අර්බුදය තුළ ස්වාධීන වීමට තරම් බරපතල දෙයක් නොවන බවද ඔවුන් පවසයි.

පක්ෂයේ ප්‍රශ්නයක් ඇතිවූ විට ඊට මුහුණදීමට පක්ෂය ඒකරාශී විය යුතු බවත් එබැවින් මේ මොහොතේ  යුතුකම වන්නේ ජනාධිපතිවරයාට සහය දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ රැඳී සිටින බවත්  ඔවුන් පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් පසුගියදා පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සඳහන් කර සිටියේ පක්ෂයේ මතුව තිබෙන අර්බුදය හමුවේ ස්වාධීන වීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කළ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න