ඊශ්‍රායල් - හමාස් ගැටුම : දැනට ශ්‍රීලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන් !

ඊශ්‍රායල් - හමාස් ගැටුම : දැනට  ශ්‍රීලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන් !

ඊශ‍්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන්ව ඇති අතර තවත් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මාධ්‍ය හමුවේ පවසා ඇත.

මෙසේ අතුරුදහන්ව සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත්, අනෙක් අතුරුදහන්ව සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අතුරුදහන්ව සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් සොයා ගැනීම සඳහා මේ වන විට ඔවුන්ගේ තොරතුරු රතු කුරුස ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

තවද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති නමුත් තත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.

තානාපති කාර්යාල ආරංචිමාර්ග අනුව මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ ඊශ්‍රායලයේ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණ තිබෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැකියා සඳහා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න