පක්ෂ මාරු කළ මැතිඇමතිවරුන් තිගැස්මෙන් !

පක්ෂ මාරු කළ මැතිඇමතිවරුන් තිගැස්මෙන් !

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් දැන් තිගැස්මෙන් පසුවෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ සිදුකළ කරුණු විමසීමකදීය.

පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි බියක් ඔවුන්ට තිබෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.

එහිදී එම තිගැස්ම  මහින්ද අමරවීර අමාත්‍යවරයාට නොමතිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති වන්නට හේතුවක් නැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න