ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස් !

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස් !

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ( 09) අමාත්‍ය මණ්ඩලය හමුවේ අදහස් දැක්වීමක් සිදුකර ඇත.

ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ එම ප්‍රකාශය පහත දැක්වෙයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට සිදු කළ ප්‍රකාශය (2023-10-09)

“ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා. සංචාරකයින් ලෙසත්, විවිධ සේවකයන් ලෙසත් ඊශ්‍රායල ජාතිකයින් සැලකිය යුතු පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට යාම සඳහා අපි උපකාර කළ යුතු වෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබනවා. ඒ සඳහා අපේ සහයෝගය දැකවීම ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබෙනවා. එසේ වුවත්, මේ සියල්ලෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකියි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.

ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමය විසින් ගෙන ආ යෝජනාවට එකඟ වෙනවා. මෙම අර්බුදයේ තවත් බලපෑමක් තිබෙනවා. පෙට්‍රල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඉන් පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ තිබෙනවා. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට විශාල පහරක් බවත් කිව යුතුයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න