කටුනායක ගුවන් තොට ඩිජිටල්කරණය වෙයි

කටුනායක ගුවන් තොට ඩිජිටල්කරණය වෙයි

මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය අද (10 ) දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.

ඒ අනුව ගුවන් ගමන් සදහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාළකවරුන්ට අත්‍යාවශ්‍ය වන ” ගගන නාවික තොරතුරු ප්‍රකාශනය ” ( Aeronautical Information Publication ) මින්පසු අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල්කරණය වෙමින් ඔවුන් අතට පත් වීම සිදු වේ .

එසේම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ( Flight Plan ) ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතය .

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් (රුපියල් කෝටි 120 ක් ) වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් (M.S.Thales ) සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ .

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර , එම කාළයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට ලැබීම ජයග්‍රහණයක් බව මෙම උත්සවයේ දී ප්‍රකාශට පත් විය .

මේ වනවිට යුරෝපය , ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිතා කරන අතර ආසියා ෆැසිපික් කළාපයේ මාළදිවයින , ඉන්දුනීසියාව සහ භූතානය ‍යන රටවල් තවමත් තවමත් තම ගුවන් සීමා කළාප වල ගුවන් යානා හැසිරවීම සදහා භාවිතා නොකරයි .

මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත් වී තිබේ.

මෙම පද්ධතිය මගින් රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ වෙත ද අවශ්‍ය සේවා සම්පාදනය කරනු ලබයි .

මෙම උත්සව අවස්ථාවට වරාය , නාවික , ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ , එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත , ශ්‍රී ලංකාවේ ගුවන් සංතරණ ප්‍රධානී නිශාන් අබේවර්ධන , තත්ව සහතිකය පිරිනැමූ සී.ජී.එස්. සමාගමේ ව්‍යාපාර කළමනාකරු චාමික විමලසිරි යන මහත්වරුන් ඇතුළු ගුවන් නියමුවන් , විදේශීය ගුවන් සේවා නියෝජිතයන් ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න