ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම

ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා මේ වන විශාල ජනකායක් බොරැල්ලේ ඔහුගේ දේහය තැන්පත් කර ඇති කොළඹ 8, බෞද්ධාලෝක මාවතේ, ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි වෙත පැමිණෙමින් සිටිති.

එමෙන් ම, කලාකරුවන් රැසක් ද ජැක්සන් ඇන්තනීගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එහි පැමිණ සිටිති.

රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්ව ඔහු බරපතළ තුවාල ලබා මාස 14ක කාලයක් රෝහල්ගතව පසුවීමෙන් අනතුරුව ජැක්සන් ඇන්තනි ඊයේ (ඔක්. 9) ජීවිතක්ෂයට පත් විය.

ඔහුගේ දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අද උදෑසන 7.30 සිට රාත්‍රී 11:00 දක්වා අවස්ථාව ලැබේ.

අනතුරුව දේහය හෙට (ඔක්. 11) හා අනිද්දා (ඔක්. 12) දෙදින රාගම පාර, කඩවත පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසෙහි දේහය තැන්පත් කෙරෙනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (ඔක්. 12) සවස 3:00ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.

ජැක්සන් ඇන්තනි නළුවෙකු, ගායකයෙකු, නිවේදකයෙකු, සාහිත්‍යවේදියෙකු, කලා විචාරකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, හඬ නළුවෙකු, ගවේෂකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, මාධ්‍ය කළමනාකාරවරයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරුවෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න