වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොනදේ කිව්වත් කළත් බලයට කෑදරවී ඇති බවත් එහෙයින් 2020 දී විශ්‍රාම නොයන බව පවසන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බීආර්සී ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු මැයි දින රැළිය අමතමින්ය.
එහිදී අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා 2020 විශ්‍රාම නොගන්නවා කියන ජනාධිපතිවරයා මෙච්චරකල් කරපු දේවල් මදිද බවත් ඉදිරියටත් කරන්න යන්නේ මේ සේවයම නම් ඒ සේවය නම් එපා යැයිද පැවසීය.
එසේම මේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවුණත් දාලා යන්නේ නැති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවද ඔහු පැවසීය. එහෙයින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් තම පක්ෂය ආරම්භ කළ සටන ලේසියෙන් නවත්වන්නේ නැති බවත් නැති නෙවන්න කිසි දෙයක් නොමැති තම පාර්ශවය ජයග්‍රහණය කරාම එය ගෙනියන බවද ඔහු සඳහන් කළේය.
කාර් එපා රනිල් මහත්තයෝ : ලොකු ලුණු හදලා දීපං - අනුර මෙහිදී රැළිය ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ තම රටට අවශ්‍ය ආහාර වේල නිපදවා ගත නොහැකි පාලකයින් කාර් හදන්න කතා කරන බවත් කාර් නොවෙයි රනිල් මහත්තයෝ ලොකු ලුණු හදලා දීපං කියා කියන්න සිදුව තිබෙන බවය.
තවත් වසර පනහක් මේ රට පාලනය කළද මේ කිසිඳු පාලකයකුට ආර්ථිකය අඟලකින් හෝ ඉදිරියට ගත නොහැකි බවත් ආර්ථික වශයෙන් කිසිම ජයග්‍රහණයක් ලබා නොමැති රාජ්‍යක් මෙන්ම ආර්ථික වශයෙන් කඩා වැටෙන රාජ්‍යක් බවට මෙම රාජ්‍ය පාලකයන් විසින් පත් කර ඇති බවත් ඔහු පැවසීය.
දකුණු ආසියානු කාලාපයේ වැඩිම දරිද්‍රතාවයකින් ජීවත්වන පිරිසක් සිටින රාජ්‍යක් ලෙස මේ රට පත්ව අවසන් බවත් ඒ නමුත් මහජන ධනය විශාල වශයෙන් පොදිබැඳ ගැනීමේ තත්ත්වයක් වර්තමාන දේශපාලනයේ ඇතිවී තිබෙන බවද ඔහු සඳහන් කර සිටියේය.
{gallery}tilvon_jvp{/gallery}

