හූ හඬයි අත්පුඩියි මැද : ශ්‍රීලනිප 16 විපක්ෂයේ අසුන් ගනියි

හූ හඬයි අත්පුඩියි මැද : ශ්‍රීලනිප 16 විපක්ෂයේ අසුන් ගනියි

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම  අද (08) පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගනු ලැබිණ.

සභාව ආරම්භ වීමට පෙර  සභාව මැදින් ගොස් මෙම  විපක්ෂයේ අසුන් ගැනීම සිදුවූ අතර ඔවුන් විපක්ෂයේ අසුන් ගන්නා විට ආණ්ඩු පක්ෂය හූ කියා සමච්චල් කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්පොළසන් දී ඔවුන් පිළිගත් බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට සහයදීමේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම දක්වා පාර්ලි‌‌මේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට එම කණ්ඩායම අපේක්ෂා කරන බවත් එය බොහෝ දුරට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක විසින් සිදුකරනු ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න