විජිතපුර බැලුම්ගල විනාශය පිටුපස නිවාස අධිකාරියේ නිධන් ලෝලීන් - ඥානසාර හිමි

විජිතපුර බැලුම්ගල විනාශය පිටුපස නිවාස අධිකාරියේ නිධන් ලෝලීන් - ඥානසාර හිමි

සංවර්ධනයට මුවා වෙලා නිධන් පැහැර ගනිමින් තිබෙන බවක් පෙනීයන බවත් එම  ජාතික මංකොල්ලය නතර කිරීමට බලධාරීන් ක්‍රියාත්මක නොවනවා නම් නීතිය අතට ගෙන හෝ එම ස්ථාන ආරක්ෂා කිරීමට සිදුවන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කරන ලද විජිතපුර, බැලුම්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියට සිදුවී ඇති විනාශ සොයා බැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (07) ගිය අවස්ථාවේය.

නිවාස සංවර්ධන අධිකාරියේ ඉන්න නිධන් පිලිබදව ලොල් බවක් ඇති කවුරුන් හෝ මේ පිටුපස සිටිය හැකි බවට සැකසංකා තිබෙන බවත් සඳහන් කළ ඥානසාර හිමියන් වැඩිදුරටත් මෙසේ ඒ ගැන අදහස් දැක්වීය.

පාර අටපට්ටම් කරලා. 

අපි දැක්කා ලංකාවේ කොහෙවත් නොදැක්ක පහන් ගලක්. එය අපේ දරුවන් දැක ගත යුතුයි. චෛත්‍ය විනාශ කර නිධන් හාරලා. දකුණු පසට ගියහම විශාල ගබඩාවක් විනාශ කරලා. මෙතන පාරක් හදන්න ගියානම් මේක අමුතුමු සැලැස්මකට වැඩකරලා තිබෙන්නේ. පාර අටපට්ටම් කරලා. ඒ වගේම ගල උඩත් ගිහිලා බොරත් දාලා. මේක හරි අමුතු එකක්. පැහැදිලිවම මහ දහවල් ජාතිය සතු වත්කම් කොල්ලකෑමක් මේ කරලා තිබෙන්නේ. බලධාරයන්ද ඇවිල්ලා මේවා බලන්න ඕනි. කොතනකවත් හමු නොවුණු ඉතිහාසක් මෙතන තිබෙන්නේ. බලුම්ගලටත් බෝර දාල විනාශ කරන්න සැලසුම් කරලා. 

ජාති බේද නොසළකා වැරදිකරුවන්ට දඬුවම් කරන්න 

අදාළ  ඉඩම්වල නිසි බලධරයා ප්‍රාදේශීය ලේකම් බවත් ඒ පාර්ශවය  සිංහලද දෙමළද මුස්ලිම්ද කියා අදාලත්වයකින් තොරව වරදක් සිදුකර තිබෙනවා නම් ඊට එරෙහිව විනයානුකුලව කටයුතු කළයුතු බවද උන්වහන්සේ පවසා ඇත.

එසේම, මෙවැනි තැනක් වෙන් කරලා දෙන්න කලින් ප්‍රාදේශීය ලේකම්ට වගකීමක් තිබෙනවා. අපට වැඩක් නෑ එතන ඉන්නේ කියලා.ඒ තනතුරේ වගකීම පැහැර හැර තිබෙනවා මේ වෙලාවේ. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනි යි. අපි ස්තුති වන්ත වෙන්න ඕනි දුකසේ ජිවත් වෙන මේ ප්‍රදේශයේ සිටින අහිංසක මිනිසුන්ට. අවුරුදු ගණනාවක්  ඔවුන් මේක රැකගෙන ඇවිත් තිබෙනවා. ඒ වගේම මිට වසර 20 කට ඉහතදී මෙවැනිම සංවර්ධන ව්‍යාපෘතියකට මේ භුමිය නිදහස් කර ගැනීමට යාමේදී, පුරාවස්තු ඇතිබවට සනාථ වී ඇති බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය රක්ෂිත භූමියක් බවට නම් කොට තිබෙනවා. එනිසා ඒ ව්‍යාපෘතිය වසර 20කට කලින් නතර කොට තිබෙනවා.

ජනාධිපතිටත් කිව්වා : වැඩක් වෙලා නැති පාටයි 

එහෙමනම් අපි මේ අවස්ථාවේදී අපි චෝදනා කල යුතුයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්. මේක උතුරවත් නැගෙනහිරවත් නෙවෙයි. මේ වැව් බැදී රාජ්‍ය. අපිට නෑකම් කියන තැන. හදුනාගත්තනම්, අවම තරමින් හෝ මෙය පුරාවිද්‍යා භූමියක් බවට බෝර්ඩ් එකක්වත් ගහන්න බැරි නොහැකියාව කුමක්ද? මීට වසරකට ඉහතදී ජනාධිපතිවරයා මුණගැහිලා එවකට බුද්ධශාසන ඇමතිවරයාත් සමගින් පුරාවිද්‍යාවට අදාළ සියලු නිලධාරීන් ගෙන්වා... එකගකරවා ගත්තා, අවම තරමින් හදුනා ගත් ස්ථානවල බෝර්ඩ් ලෑල්ලක්වත් එල්ලන්න කියලා. ඒවා හුදු කතා සාකච්චා පමණයි.

මේ ගම්වැසියන්ට අපි කියනවා මේ... පාදඩ දේශපාලන බලවේගවලට  බය වෙන්න එපා. ඕනෑම දෙයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඔය ඇත්තෝ මේක මෙතෙක් ආරක්ෂා කළා වගේ ඉදිරියටත් ඇහැ ගහගෙන ඉන්න. නිධන් හොරු එනවනම් ඒකට මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කරුණාකරලා අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි. 

අපි ඉල්ලා සිටිනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණාකර පුරාවිද්‍යා ස්ථාන වැනසීම පිලිබදව පුරාවිද්‍යා ආඥ්ඥා පනත ක්‍රියාත්මක කර වහාම මේ අයව නීතියේ රැහැනට කොටු කර ඔවුන්ට අදාල නිතිය ක්‍රියාත්මක කරන්න කියලා. මලකඩ කන්න ඔය අණ පනත් තිබිලා වැඩක් නෑ., යනුවෙන්ද ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න