ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට මෙතෙක් පවරා තිබූ රාජ්‍ය බැංකු සියල්ල මෙවර අමාත්‍යාංශ විෂයයන් බෙදීමේදී යළි මුදල් අමාත්‍යාංශයට ලබාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. නව කැබිනට් සංශෝධනයෙන් පසුව ඊට අදාළ අමාත්‍යාංශ විෂයය පථයන් සකස් කිරීමේ කටයුතු මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත නිලධාරීන් කණ්‌ඩායමක් විසින් සිදු කරනු ලබයි. විවිධ හේතූන් මත නියමිත පටිපාටියෙන් බැහැරව වෙන් කර තිබූ විෂය පථයන් යළිත් සුපුරුදු අමාත්‍යාංශවලටම ලබාදීමට මෙවර යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තයේ
මේ අතර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, කැබිනට් සංශොධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බවයි.
ඒම ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල සංශොධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්හ.
නව අැමැතිවරුන් දිවුරුම් දී සතියක් ඉකුත් වී අැතත් ඔවුනට පැවරෙන අායතන හා කාර්යභාරයන් අැතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නොවීම නිසා ඒම අැමැතිවරුන් ද ගැටලුවකට මුහුණ පා ඇත.

