ජාතිවාදය වපුරා රට ගිනි තියන්න : "දිවයින" බොරු වපුරයි

ජාතිවාදය වපුරා රට ගිනි තියන්න : "දිවයින" බොරු වපුරයි

"උතුරු නැගෙනහිර පන්සල් තැනීම තහනම් කරන්න" මැයෙන් ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් උපුටා දක්වා 2018-05-06 දින දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ පුවත මුළුමනින්ම සාවධ්‍ය බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මේ බව සඳහන් කර සිටියි.

එසේම ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී තමන් සිදුකළ ප්‍රකාශය දිවයින පුවත්පත විසින් කරුණු විකෘති කොට බෞද්ධ ජනතාව කෝපයට පත්කරවීමට උත්සාහ දරා ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

තවද අසත්‍ය කරුණු පළකරමින් ජනතාව අතර ගැටුම් ඇති කිරීමට තැත්කිරීම හේතුවෙන් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර මෛත්‍රී ගුණරත්නගේ ප්‍රකාශයක් හරහා නැවත තම සාවධ්‍ය පුවත ආවරණය කරන්නට පසුගියදා දිවයින පුවත්පත කටයුතු කර තිබු අතර මාධ්‍ය ආචාර ධර්ම කෙසේ වෙතත් නැවත මේ බිම රුධිර ගංගාවක ගිල්වා හෝ සිය ප්‍රාග්ධන හිමියන්ගේ දේශපාලන අරමුණු ඉටුකරදීමට වෙරදරා ඇති ස්වභාවයක් එහි පෙනෙන්නට තිබිණ. 

දිවයින පුවත්පතේ පළවූ එම සාවධ්‍ය පුවත පදනම් කරගෙන පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අමුඅමුවේ ජාතිවාදී වසුරු රැසක් වැපිරූ අතර දිවයින නරුම මාධ්‍ය හැසිරීම සහ සාවධ්‍ය පුවත නිර්මාණය කිරීමේ සැබෑ අපේක්ෂාව ඒ හරහා හොඳින්ම තහවුරු විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න