අපේ ජානවල ඇති ව්‍යවසායකත්ව හැකියාව අවදි කරවා ගත යුතුයි. - අමාත්‍ය මංගල සමරවීර

අපේ ජානවල ඇති ව්‍යවසායකත්ව හැකියාව අවදි කරවා ගත යුතුයි. - අමාත්‍ය මංගල සමරවීර

ශ්‍රී ලාංකිකයන් තුළ අතීතයේ සිට පැවැත එන ව්‍යවසායකත්ව හැකියාව යළි අවදි කරව ගැනීමට කාලය එළඹ ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කළ නව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට අද (11) එක්වෙමිනි. වැඩසටහන මාතර දී පැවැත්විණි. 

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය වරයා.

‘‘අතීතයේ පටන් ම ශ්‍රී ලංකාව පැවතුනේ වෙළෙඳ මධ්‍යස්ථානයක් විදිහටයි. කෞතුකාගාරයට ගියාම අප බලා ගන්න පුළුවන් ලෝකයේ එවකට දියුණු ජාතීන් සහ ශ්‍රී ලංකාව අතර තිබුණ සම්බන්ධතා කොතරම් ද කියල. අද දියුණුවට පත් වෙලා ඉන්න ඇතැම් ජාතීන් ඒකාලෙ හිටියෙ ගල් යුගයේ. ඉතින් ශ්‍රී ලංකාව දියුණුව කරා ගමන් කරවීමට නම් එදා ඒ අපේ ජාන තුළ තිබුණ අදටත් තිබෙන ව්‍යවසායකත්ව හැකියාවන් අවදි කරවා ගත යුතුයි. ඒ වෙනුවෙන් රජය සිය උපරිමයෙන් කැපවෙමින් සිටිනවා. 

ලබන ජූනි මාසෙ පළමු සතියේ සිට අපි ව්‍යවාසයකන් වෙනුවෙන් වූ නව ණය යෝජනා ක්‍රම ආරම්භ කරනවා. ඒ යටතේ දැන පවතින පොලියට වඩා අඩු පොලියකට ණය ව්‍යාපෘති ගණනාවක් යටතේ ලබා දෙනවා. මම දැනටමත් මහ බැංකුව සමග සාකච්ඡා කරල තියෙනව දැන පවතින පොලී අනුපාතය 2% විතර අඩු කිරීමේ හැකියාව සම්බන්ධයෙන්. 

ඒ වගේ ම තමයි දැනට බැංකුවලින් ණය ලබා දෙන්නෙ ඇපකරුවන්ගේ ඇති විශ්වසනීයත්වය සහ ශක්තිය බැලීමෙන්. නමුත් තරුණ ව්‍යවසායකයෙක් යම් කිසි ඵලදායී ව්‍යාපෘතියක් වෙනුවෙන් ණයක් ඉල්ලුම් කරනව නම් ඒ ණය ලබා දිය යුත්තේ අදාළ ව්‍යාපෘතියේ වටිනාකම හෝ ඉන් රටට ඇති වාසිය සලකා බලා මිස ඇප කරුවන්ගේ හැකියාව බලා නෙවෙයි. ඒ නිසා අපි අයවැයෙන් යෝජනා කළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සෑම බැංකුවකම ව්‍යවසායකන් වෙනුවෙන් ම වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේ ම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මගින් විශේෂයෙන් ම උතුරු නැගෙනහිර අසරණ ජනතාවට ගිනි පොලී මත ලබා දුන් ණය රුපියල් 150,000 සීමාවට යටත්ව ලබා ගත් ණයවල පොලිය ඉවත් කිරීමට කටයුතු කරනවා. 

2017 වෙද්දි අපි ඉතිහාසයේ හොඳම අපනයනය වාර්තා කිරීමට සමත් වුණා. 2018 වසරේ මේ වෙද්දි සිදු කර ඇති අපනයන දෙස බැලුවා ම අපේ වාර්තාව මේ වසරේ දී අපට ම බිඳින්න හැකි වෙයි කියල හිතනවා. 2025 වෙද්දි 34%ක අපනයනක් අපි බලපොරොත්තු වෙනවා. නමුත් මේ යන ගමන දෙස බැලුව ම ඊට පෙරාතුව අදාළ ඉලක්කයට අප ළගා වෙන්න පුළුවන් කියල හිතෙනවා.

මෙම අවස්ථාවට මලික් සමරවික්‍රම, සාගල රත්නායක, සුජීව සේනසිංහ යන අමාත්‍යවරු සහ පළාතේ ව්‍යවසායකයන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

{gallery}mangala-exporrt{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න