ජෝන් -චොකා : බල පොරයක් !

ජෝන් -චොකා : බල පොරයක් !

සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධුරය සඳහා හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න ඉදිරිපත්වීමේ සූදානම ගැන දැන ගැනීමෙන් අනතුරුව එජනිස රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරද මහ ඇමතිධුරය සඳහා තමන් සුදුසු බව ප්‍රකාශ කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දේශපාලන බල පොරයක් හටගෙන ඇතැයි රාවය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන ආකාරයට "ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)  සමඟ එක්ව කටයුතු කරන අතර ජෝන් සෙනවිරත්න හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරයි. තමන් වැනි පක්ෂයට කැපවූ අයෙකුට මහ ඇමති අපේක්ෂකත්වය හිමි විය යුතු බවත් ජයග්‍රහණය කිරීම තමන්ට සුළු දෙයක් බවත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශකර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී හිටපු අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න කියා සිටියේ මෙවර සබරගමු මහ ඇමති ධුරය රත්නපුරයට ලැබිය යුතු බව තමන්ගේ අදහස බවයි. මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා සහ ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටින බවද එජාපය පවා තමන් ඊට සුදුසු යැයි සඳහන් කරන බවද ඔහු කියා සිටියේය.

2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත රැලිය සංවිධානය කරමින් සිටි පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට චෝදනා එල්ලවූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට අධිකරණ ඇප මත සිටි.

(රාවය)

මේ සම්බන්ධව මීට පෙර newstube.lk  පලකළ පුවත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න