ශ්‍රී ලංකාව අධි අවදානමේ

ශ්‍රී ලංකාව අධි අවදානමේ

ගෝලීය අවධානම් දර්ශකය අනුව (global climate risk index) 2015 වසර වන විට 96 වන ස්ථානය ලබාසිටි ශ්‍රී ලංකාව 2018 දර්ශකය අනුව 4 වන ස්ථානය ලබා ගනිමින් ලොව දේශගුණ අවදානම්වල බලපෑම වැඩි වශයෙන්ම ඇති රටවල් අතරට එක්වී ඇත.

2018 ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය මඟින්  විශ්ලේෂණය කර ඇත්තේ කාලගුණය සම්බන්ධ අවාසිසහගත තත්ත්වයන්ගෙන් (කුනාටු,ගංවතුර, තාප තරංග) රටවල්වලට කොතරම් බලපෑමක් ඇතිකර ඇද්ද යන්නයි.

මෙම දර්ශකය සකස් කිරීම සඳහා 1997-2016 වසරවල දත්ත උපයෝගී කොටගෙන ඇත. දේශගුණික අවදානම් දර්ශකය (CRI ) සකස් කිරීමේදී ආපදාවකින් සිදුවූ මරණ සංඛ්‍යාව, කරය ශක්තිය සාමය දර්ශකයේ (purchasing power parity index) ඒකකයට සිදුවූ පාඩුව හා දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට සිදුවූ පාඩුව වැනි නිර්ණායක යොදා ගනියි.

CIR 1997 2016 ENGL TABELLE.preview
(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න