ගොවිබිම් වල සවිකර තිබෙන ජල පොම්ප සොරකම්කර විකිණීමේ ජාවාරමක් සම්බන්ධව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉපලෝගම ප්‍රදේශයේ ගොවියෙකු සිදුකල පැමිණිල්ලකට අනුව දියත්වූ පොලිස් විමර්ශන හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරුවන් රාත්‍රී කාලයේ ඉපලෝගම ප්‍රදේශයේ ගොවිබිම් වෙත පැන ඒවායේ වතුර පොම්ප සොරාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාට විකුණා ඇති බවය.
ඉතා අඩු මුදලකට මන්ත්‍රීවරයා මිලදී ගෙන ඇති මෙම සොරාගත් භාණ්ඩ පසුව ඔහු වැඩි මිලකට විකුණා ඇත.

