නැගෙනහිර පළාතේ කල්මුනේ ප්‍රදේශයේ අක්කරෙයිපත්තු මූලික රෝහලෙහි වෛද්‍ය අධිකාරිවරයා ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහල තුළ සිදු කෙරෙන සියලු කටයුතු අර්බුදයට ලක් වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරින් දැනුවත් කළ ද ඒ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කිරිම සඳහා ඔවුන් උනන්දු වන බවක් දක්නට නොමැති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කළේ ය.

