අධ්‍යාපන වැඩ වර්ජනය අසාර්ථකයි   - අකිල 

අධ්‍යාපන වැඩ වර්ජනය අසාර්ථකයි   - අකිල 

වසර 24 ක පමණ කාලයක්  පුරා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන්ට සහන ලබා දීමට එරෙහිව ඊනියා වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (04) මේ බව සඳහන් කල අතර විවිධ බලපෑම් හමුවේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අද දින සේවයට වාර්තා කළ සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත තම ස්තුතිය පිරිණමන බවත් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බවත් අවධාරණය කර ඇත. 

 මේ අතර ඇතැම් ප්‍රදේශවල දී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් තම වෘත්තිය බලතල යොදාගනිමින් පාසල් වසා දමන ලෙස විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ අවස්ථා සහ පාසල් නොපැමිණෙන ලෙස සිසු දරුවන්ට දැනුම් දුන් අවස්ථා සම්බන්ධව ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 පසුගිය කාලයේ දේශපාලන අතපෙවීම් මත අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් රැසක් පීඩනයකට ලක් වූ සමයක ඔවුන්ගේ සාධාරණ ගැටළුවලට විසඳුම් ලබාදීම රජයේ වගකීම බව අවධාරණය කළ අමාත්‍යවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් සහ සාධාරණ අයුරින් ඉටු කොට ඇති වටපිටාවක ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීමේ මෙහෙයුමක නිරත වී ඇති බව ද පෙන්වා දුන්නේය.

 රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කරමින් ස්ථාපිත කර ඇති රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ද අනුමැතියට යටත්ව ප්‍රජාතන්ත්‍රවාදී යුක්ති මූලධර්ම වලට ප්‍රමුඛතාව ලබාදෙමින් පසුගිය කාලයේ දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය පාලන සමයේ විවිධාකාර පළිගැනීම්වලට හා අසාධාරණයන්ට ලක් වූ තමන්ගේම ක්ෂේත්‍රයේ තමන්ගේම වෘත්තීයේ නිලධාරීන්ට හිමි අයිතිවාසිකමක් ලබාදීමට විධිමත් හා සාධාරණ ක්‍රමවේදයක් අනුව රජය පියවර ගන්නා විට ඊට එරෙහිවීම පිළිකුල් සහගත බව ද සඳහන් කර තිබේ.

එසේම  අධ්‍යාපන පද්ධතියේ අසාධාරණයට ලක් වූ පිරිස් වෙත සාධාරණය ඉටු කර දීම අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බව ද බවත්  ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන් බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න