විජයකලා කොළඹ ආ සැනින් තීන්දුවක් ගන්නවා - අගමැති 

විජයකලා කොළඹ ආ සැනින් තීන්දුවක් ගන්නවා - අගමැති 

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසීමෙන් අනතුරුව ඊට  අදාළ තීරණය ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කර ඇත.

එහිදී අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය.

අපි සෑම විටම මේ රටේ ඒකියභාවය ආරක්ෂා කරනවා. ඒ.ටී.ටී.ඊ සංවිධානය තහනම් කර තිබෙනවා. තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නෑ. මේ රටේ ඒකීයභාවය බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරගනිමින් මේ රටට අවශ්‍ය සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසඳුමකින් මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත්, බලය බෙදාහැරීමේ ප්‍රශ්නත් විසඳීමට තිබෙනවා.

ඉඩම් ආපසු ලබාදීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. උතුරට හා නැඟෙනහිරට සංවර්ධනයක් අවශ්‍යයි. ඊයෙත් මේ ගැන සාකච්ඡා කළා. මහේස්වරන් මැතිණියගේ ප්‍රකාශය ගැන දැනගත් අවස්ථාවේ සොයාබැලුවා, අපේ දේශපාලන කමිටුව රැස් වුණා. විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසෙනවා. ගත යුතු පියවර ගැන තීරණය කර තිබෙනවා.එතුමිය මුණසැසුණු විට අදාළ පියවර ගන්න තිබෙනවා. රටේ ජනතාවයි ,ත්‍රිවිධ හමුදාවයි,විශාල කැප කිරීමක් කළා. ජීවිත පරිත්‍යාගයක් කළා. අපේ පක්ෂයෙත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් දෙමළ පක්ෂවලත් නායකයන් මරනයට පත් වුණා. පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න අවශ්‍ය වුණා.ඊයේ කතානයකතුමාගේ තීරණය කිව්වා. පොලීසියේ අය මැරූ කරුනා අරගෙන උප සභාපති කරන්නත්, ප්‍රභකරන්ගෙන් සල්ලි අරගෙන ජනාධිපතිවරණයක් දින්නා නම්, එල්. ටී. ටී. ඊ එක පරාජය කළ හමුදාපති හිරේ දැම්මා නම් අද කොහොමද ඇවිත් මේ ගැන කියන්නේ. තදින් ක්‍රියාකරන්න ඕන මෙහෙම අයට . ඊයේ කෑ ගැහුවේ නිව්යෝක් ටයිම්ස් සිද්ධිය යටගහන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න