ලංගමයට විද්දාට මහින්දට ලිඛිතව උත්තර දෙන්න  වෙයි !

ලංගමයට විද්දාට මහින්දට ලිඛිතව උත්තර දෙන්න  වෙයි !

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සදහා ලබාගත් බස්රථ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 142කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ වග උත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ පිළිතුරු ලිඛිතව අධිකරණය වෙත ගොනු කරන ලෙස නියෝගයක් අද (04) නිකුත්කර ඇත.

කොළඹ වාණීජ මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ විසින් එම නියෝගය නිකුත්කර ඇත. එසේම මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර පි‍්‍රයදර්ශන යාපා යන අයගේ නම් විත්තිකාර ලැයිස්තුවෙන් ඉවත්කර පැමිණීල්ල සංශෝධනය කරන ලෙසට විත්තිය කළ කරුණු ලිඛිතව අධිකරණයට ගොනු කරන ලෙසද එහිදී නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න