ගෝඨාගේ නඩු අත්හිටුවීම ගැන : එජාපය විවාදයක් ඉල්ලයි

ගෝඨාගේ නඩු අත්හිටුවීම ගැන : එජාපය විවාදයක් ඉල්ලයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණවල විභාගවන නඩු අත්හිටුවීම සඳහා ඉහළ අධිකරණ විසින්  දිගින් දිගටම තීන්දු ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ජූලි මාසයේ මීළඟට එළැඹෙන පාර්ලිමේන්තු සභාවාරයේ දි එම කල්තැබීමේ විවාදය පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

අභියාචනාධිකරණය ජූලි 04 වැනිදා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් අල්ලස් නඩුවට අත්හිටුවන වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර විසින්ය.

ගෝඨාභය රාජපක්ෂ හා තවත් අට දෙනෙකුට එරෙහි එම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ අල්ලස් නඩුව ජූලි 09 වැනිදා සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විභාග වූ මිග් යානා ගනුදෙනුව පිළිබඳව නඩුව හා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ නඩුව විභාග වීම ඉහළ අධිකරණය විසින් වළක්වනු ලැබීය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න