Language Switcher

V2025

ඉන්ධන මිල අඩු කිරීමට ජනපති නියෝගයක් දුන් කතාව බොරුවක් 

මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  දැනුම්දීමක් සිදුකර ඇති බවට ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය අවධානරණය කර සිටියි. 

ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දීමක් සිදුකර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී කර ඇතැයි කියන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ධර්මශ්‍රී ඒකනායක ඒබව සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබිය. 

කෙසේ වෙතත්, ඊයේ සිදුකළ මිල සංශෝධනයේදී භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.

දැනට පවතින මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය වන අතර,ඒ අනුව  ලබන සැප්තැම්බර් 5 වන දින යළි ඉන්ධන

මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත.

මිල සුත්‍ර කමිටුව:

 නව රජය මඟින් තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූතුයක් හඳුන්වා ඇත. මේ සඳහා සිව්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි මෙම කමිටුව මාස දෙකක් ගතවූ පසු තෙවන මස පස්වන දින රැස්ව ජාත්‍යන්තර බොරතෙල් මිල අනුව තෙල් මිලතීරණය කිරීමේ වගකීම උසුලයි.

එහි ප්‍රථම රැස්වීම ජූලි 05 වන දින රැස්වී ඊයේ තෙල් මිල සංශෝධනය කරන ලදී. 

ජනතාවට මෙයට වඩා වාසියක් :

එහෙත්, සතියකට වරක් තෙල්මිල තීරණය කිරීම හරහා ජනතාවට මෙයට වඩා වාසියක් ලැබෙනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ මතයයි. 

ඒ නිසා, මෙම තෙල්මිල සූත්‍රය අනුව තෙල්  මිල පිළිබඳව විමර්ශනය කිරීම සතියකට වරක් සිදුකිරීමේ හැකියාව පිළබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ දිනවල කරුණු සොයමින් පවතී. 

එසේ සිදුකරන්නේ නම්, මිල සූත්‍රය පිළබඳ යළිත් වරක් අමාත්‍යමණ්ඩලය වෙත යොමුවිය යුතුවේ.

තෙල් නිශ්පාදනය නොකරන බොහෝ රටවල මිල සූත්‍රයක් අනුව තෙල් මිල තීරණය කරනු ලබයි. අසල්වැසි ඉන්දියාවේ මිල මේ අනුව දෛනිකව වෙනස් වේ.