ලෝක මළල ක්‍රීඩා ශුරතාවට යන කණ්ඩායම බෝගම්බරට 

ලෝක මළල ක්‍රීඩා ශුරතාවට යන කණ්ඩායම බෝගම්බරට 

ජූලි 1 දින සිට සුගතදාස පිට්ටනියේ යාඥා මෙහෙයක් සදහා කුලියටදීම හේතුවෙන් මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්  ලෝක මළල ක්‍රීඩා ශුරතාව සඳහා තේරී සිටින අරුණ දර්ශන ක්‍රීඩකයාට අවශ්‍ය මුලික පහසුකම් පවා නොමැති  බෝගම්බර පිටියේ පුහුණුවීම් කරන්නට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම ක්‍රීඩකයාව පුහුණුවීම් සඳහා ෆින්ලන්තය බලා යවන ලෙස කොතෙකුත් ඉල්ලීම් සිදුකර ඇතත් වගකිව යුත්තන් ඒ ගැන සැළකිල්ලක් දක්වා නොමැතිවීම හේතුවෙන් ඔහුට මේ ඉරණම අත්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයද අවස්ථා ගණනාවක දී මේ පිළිබඳ වගකිවයුත්තන්ට දන්වා සිටියත් කිසිවක් සිදුව නොමැති බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

මේ බව දක්වමින් විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටින්නේ ඊයේ (05) නිවේදනය කළ ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා මීටර් 400 තරග කාලය අනුව ලංකාවේ අරුණ දර්ශන සිටින්නේ පස්වන ස්ථානයේ පසුවන බවත් මේ වන විට ෆින්ලන්තයේ පුහුණුවීම්වල නිරත විය යුතු දර්ශන සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩාකාවන් ගණනාවක්ම දැන් සිටින්නේ බෝගම්බර පිට්ටනියේ බවත්ය.

ඒ අනුව ලෝක ශුරතාවට දුවන දරුවන්ට පුහුණුවට පිට්ටනියක් නැතිවී ඇති බවත් අරුණ දර්ශන ට දුවන්නට උපකරණ ලැබීමෙන් පසුව ඔහු  සුගතදාස පිට්ටනියට ගිය නමුත්   එහි ධාවන පථය පුරා කේබල් ඇද, දැවැන්ත යාඥා පිටිය සකසමින් තිබී ඇති බවද ඔහු සඳහන් කරයි.

තවද   ඊයේ  උදේ පරිප්පු, පොල්සම්බල් සමග පාන් කා ලෝක මළල ක්‍රීඩා උත්සවයේ නිල ඡායාරූපයට පෙනී සිට පුහුණුවට පිට්ටනියක් නැති තැන ඔවුන්ට පිහිට වූයේ බෝගම්බර පිටිය බවත් ඊයේ දහවල් 12.45 කෝච්චියේ ඔවුන් මහනුවර යන්නට සුදානම් වූයේ දිවා ආහාරය ද නැතිව බවත් ඔහු චෝදනා කර සිටියි.

කෝච්චිය පිටත්වන්නට ස්වල්ප වේළාවකට පෙර මේ දරුවන්නට කෑම පැකට් ටිකක් ලැබුණේ පොදු භෝජනාගාරයක සිටි මහත්තයෙකුට පිං සිදුවන්නට බවත් ලෝක මළල ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට පුහුණුවට ලබා දිය නොහැකි සුගතදාස ධාවන පථය එළ හරකයි, මී හරකයි දමා සී සා බතල සිටවන එක වඩා එලදායී බවද ඔහු සඳහන් කර සිටියි.

ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා ශුරතා තරගාවලියට ෆින්ලන්තයට යාමට නියමිත කණ්ඩායම හා තරග කාලය අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් පිළිදව ඊයේ නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

aruna Darshana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න