තලතා රංජිත් රාජිත නීතිපති පොලිස්පති මහ රෑ රහසිගත හමුවක්

තලතා රංජිත් රාජිත නීතිපති පොලිස්පති මහ රෑ රහසිගත හමුවක්

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ සිදු වූ බව කියන වංචා දූෂණවලට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා වන රහසිගත හමුවක් පසුගිය අඟහරුවාදා (3දා) රාත්‍රියේ අධිකරණ අමාත්‍යාංශයේ පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග 'හෙළි කරයි.

එදින රාත්‍රි 10.30ට පමණ පැවැති මෙම විශේෂ සාකච්ඡාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මෙම හමුව සඳහා සහභාගි වී ඇතැයි වාර්තා වේ.

එහිදී අලුතින් ඇති කළ විශේෂ අධිකරණවල අදාළ නඩු ගණනාවක් එකදිගට විභාග කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඊට අමතරව ප්‍රමුඛතාව අනුව කඩිනම් කළ නඩු පිළිබඳව ලැයිස්තුවක් සකස් කර අදාළ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ගැනද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

(මව්බිම)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න