සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතියට තීන්දු රැසක් ගන්නවා - ජනාධිපති  

සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතියට තීන්දු රැසක් ගන්නවා - ජනාධිපති  

සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති පවසයි.

ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිවරයා  ප‍්‍රකාශ කළේ අද (07) පස්වරුවේ මඩකලපුව වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා  වැඩිදුරටත් සඳහන්  කළේ සමුපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලූ විසඳාගැනීම සඳහා  අදාළ අමාත්‍යාංශය සහ ජාතික සමුපකාර මණ්ඩලය එක්ව මීට වඩා කි‍්‍රයාකාරි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවයි.

ලබන මස සිට ජාතික ආර්ථික සභාව සඳහා  ද ජාතික සමූකාර මණ්ඩලය සහ එම ක්ෂේත‍්‍රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්  කළ ජනාධිපතිවරයා  එහිදී සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ පිළිබඳ  දීර්ඝ වශයෙන් සාකච්ඡා  කරන බව ද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න