"සයිටම්" නමත් ඉවරයි ! 

"සයිටම්" නමත් ඉවරයි ! 

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමට  නියමිත සයිටම්  සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සඳහන් කර සිටියි.

ජනාධිපතිවරයා  මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණේ ඊයේ  (06) පැවැති සයිටම් සිසුන් හා මව්පියන් දැනුම්වත් කිරීමේ රැස්වීම අමතමින්ය.

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමේ දී ඔවුන්ගේ වෛද්‍ය උපාධි සහතිකයට විශ්ව විද්‍යාලයේ  නම ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යන්න සඳහන් වෙද්දී  වරහන් තුළ සයිටම් යනුවෙන් සඳහන්  කිරීමට පෙර තීරණය කර තිබු අතර ඊට ශිෂ්‍ය විරෝධතා මතුවී තිබුණි. 

එම නම ඉවත් කරන ලෙස උපදෙස් දුන් බවත් උපාධි සහතිකය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලැබෙනු ඇති අතර එහි සයිටම් නම සඳහන් නොවන බව සහතික කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර ඒ  අවස්ථාවේ සිසුන් හා දෙමාපියන් අත් පොලසන් දෙමින් සිය සතුට පළ කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න