අගමැතිගෙන් අකිලට බර වැඩක් !

අගමැතිගෙන් අකිලට බර වැඩක් !

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් ලක්ෂයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට  අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනට සමගාමීව එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන එජාප ආසන සංවිධායකයන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වන අතර මේ සඳහා එජාපයේ සියලුම ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, ලක් වනිතා සංවිධානය, එජාප යෞවන සමාජවල දායකත්වය ගැනීමට අපේක්ෂිත බවද වාර්තා වෙයි.

මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ලබන අගෝස්තු මස 31දා වනවිට අවසන් කිරීමට නියමිතව ඇති බවත් එතෙක්  එහි  ප්‍රගතිය පිළිබඳ තොරතුරු පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ඍජුවම වාර්තා කරන ලෙස අමාත්‍යවරයා දන්වා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න