නව තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර හරහා මෙරට ආර්ථිකය දියුණු කිරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
මොණරාගල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇති අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමේදී විශාල ණය අර්බුදයක් පැවැතිය ද එය මේ වන විට ක්‍රමයෙන් අඩු කර ගැනිමට හැකි වී ඇති බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
මේ අතර මොණරාගල නව වෙළද සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, මහානාම ජාතික පාසලේ නව සෞන්දර්ය ඒකකය විවෘත කිරීම, පොතුපන්දන රාජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලක් විවෘත කිරීම මෙන්ම විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජීත බහුකාර්ය ගොඩනැගිල්ලක් සඳහාද මුල්ගල තැබීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
