වියත් මග පස්සට : හරි මග ඉස්සරහට 

වියත් මග පස්සට : හරි මග ඉස්සරහට 

හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් ගොඩනගා තිබූ "වියත් මග" සහ "එළිය" යන සංවිධාන විසුරවන ලෙස පොදුජන පෙරමුණේම පාර්ශව වෙතින් බලපෑම් එල්ලවීමත් සමඟ එම සංවිධාන හැකිලීමේ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙසේ වියත් මග සහ එළිය සංවිධාන අක්‍රීය කිරීමට ප්‍රධාන හේතුව වූයේ එම සංවිධාන වල ප්‍රධානීන් ලෙස කටයුතු කල විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් සිය ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාකාරීන් අනාගත ආණ්ඩුවක් යටතේ එල්ලා මරණ බවට තර්ජනය කිරීමත් ඊට සමාජය වෙතින් මතුවූ විරෝධයත් නිසාය.  

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ සංවිධාන විසින් සිදුකළ කටයුතු මින් ඉදිරියට "හරි මග" නම් සංවිධානයකින් කිරීමට ඒ අනුව තීරණය වී ඇත. 

එහි සමාරම්භක අවස්ථාව ඊයේ (07)කොලොන්නාව  රජ මහා විහාරයේදී පවත්වා ඇති අතර ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
එහිදී වියත් මග සංවිධානය විසුරවා හැරීමට ඇති බලපෑම ගැන කිසිවක් සඳහන් නොකරමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත්තේ  ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත්   ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බවත්ය.

වීයත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න