රාජපක්ෂලාගේ වංචා දුෂණවලට අදාල විගණන හමස් පෙට්ටියේ !

රාජපක්ෂලාගේ වංචා දුෂණවලට අදාල විගණන හමස් පෙට්ටියේ !

රාජපක්ෂ පාලන සමයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, සමාගම්, හා අධිකාරි ඇතුළු ආයතන  ගණනාවක සිදුවී  ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතාවන් සහ වෙනත් වංචා සහගත ක්‍රියා සම්බන්ධයෙන් හේතු විමසා රාජ්‍ය විගණනය මගින් විගණන දසදහසකට වැඩි  ප්‍රමාණයක් යවා ඇතත් ඒ කිසිදු විමසුමකට කිසිදු ආයතනයක් පිළිතුරු එවා නොතිබු බව රාජ්‍ය විගණන තොරතුරු හෙළිදරව් කරයි.

සංස්ථා සභාපතිවරු ඔවුන්ට කැමති ආකාරයට වැටුප් වැඩි කර ගැනීම්, විදෙස් සංචාර, විවිධ මුල්‍ය අක්‍රමිකතාවන්, අවිධිමත් ලෙස රැකියාවලට බඳවා ගැනීම්, රාජ්‍ය ආයතන කිහිපයක තනතුරු දරමින් වැටුප් කිහිපයක් ලබා ගැනිම්, නාස්තිකාර වියදම්, ර‍ජයේ චක්‍රලේඛ නොසලකා හැරීම්, ඒවා‍ට පටහැනි ලෙස ක්‍රියා කිරීම, ලාභ උපයන රජයේ නිසි පරිදි භාණ්ඩාගාරයට මුදල් සැපයීම් පැහැර හැරීම රාජ්‍ය දේපෙළ අක්‍රමවත් පරිදි  බුක්ති විදීම ඇතුළු එම ආයතනවල සිදුවී ඇති විසමාචාර සම්බන්ධයෙන් වි මෙසේ විගණන විමසුම් යවා ඇත.

ජාත්‍යන්තර ගැහිලි :

ඒ අතර අමාත්‍යාංශවල ඉහල නිලධාරීන් ජාත්‍යන්තරය හා සම්බන්ධවෙමින් සිදු කර ඇති මහා පරිමාණ ගනුදෙනු ගණනාවක් ද වෙයි. 

වරාය රේගුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ තවත් එවැනිම රාජ්‍ය ආයතන කිහිපයක සිදුවී ඇති වංචා සහගත ක්‍රියාවන්ද ඇතුළත්ව විගණන විමසුම් දස දහසකට වැඩි ප්‍රමාණයක් මෙසේ යවා ඇත්තේ රාජ්‍ය විගණනය මගින් එම ආයතන හා සම්බන්ධව සිදු කළ විගණනවලදී හෙළි වූ කරුණු මතය.

ආයතන ප්‍රධානින් එම විගණන විමසුම් නොසළකා හැර රජයේ දේපළ එම ආයතනවල ඇතැම් ප්‍රධානින් සහ ඇතැම් නිලධාරීන් ඉතාමත් ‍අවිචාරමත් ලෙස රජයේ චක්‍රලේඛණ පවා නොසළකා හැර ක්‍රියාකර ඇති බවද රාජ්‍ය විගණනය පෙන්වා දෙයි.

රජයේ චක්‍රලේඛවලට පටහැනි ලෙස ක්‍රියාකරන ලද ඇතැම් නිලධාරීන් සහ සේවකයන් සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර විගණනය මගින් පෙන්වා දී යෝජනා කර තිබුණ ද ආයතන ප්‍රධානීන් එම යෝජනාවන් ද නොසළකා හැර දමා තිබු බව රාජ්‍ය විගණනය පවසයි.

රාජ්‍ය විගණනය යටතට වැටෙන ආයතනවලට අමතරව රාජ්‍ය විගණනය යටතට නොවැටෙන ආයතන රැසක ද මේ ආකාරයෙන් විශාල වශයෙන් දුෂණ වංචා සිදු වී ඇතත් ඒවා පිළිබඳව සොයා බැලීමට කිසිදු අංශයක් ක්‍රියා කර නොමැත. 

විගණන පනතක අවශ්‍යතාව රාජ්‍ය විගණනය ඉල්ලා සිටියේ මේ නිසා බවද රාජ්‍ය විගණනය කියා සිටියි.
(colomboxnews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න