ඒකාධිපතියෙක් ආවොත් නාමල්ට වෙන දේ : වෙල්ගම කියයි  

ඒකාධිපතියෙක් ආවොත් නාමල්ට වෙන දේ : වෙල්ගම කියයි  

ඒකාධිපතියකු පන්නයේ පාලකයකු තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඊට එරෙහි ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

හිරු රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ඒකාධිපතියකු ආකාරයට කටයුතු කරන පාලකයකු පැමිණියහොත් හිටපු ජනාධිපතිගේ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂටද රගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්නට සිදුවන බවද ඔහු පැවසීය.

එසේම තමා ඇතුළු අනෙක් දේශපාලනය කරන උදවියටද එවැනි පාලනයක් යටතේ කිසිවක් කිරීමට ඉඩක් ලැබෙතැයි සිතිය නොහැකි බවද ඔහු පවසයි.

මෙහිදී වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් ඔබ මේ සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව දැයි විමසූ විට මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් මේ කියන්නේ ඒකාධිපති ආකාරයේ දරදඬු පාලකයකු නොගැළපෙන බව සහ ඊට වඩා මීට පෙර සාමාන්‍ය මැතිවරණ ක්‍රමයට මුහුණදී ඇති පාලකයකු ගැළපෙන බව යැයි සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න