''අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි..”යැයි ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය. ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස පිටත් වන බව ඇය 'ලංකාදීපය'ට ප්‍රකාශ කර තිබිණ.
කොටි සංවිධානය පැවති සමයේ උතුරේ ස්ත්‍රීන් හා දැරියන් ලිංගික හිංසනයට පාත්‍ර නොවිණැයි යාපනය නගරයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශකර තිබු ඇය, “2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජීවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ..'' යයි අවධාරණය කර තිබිණ.
එම ප්‍රකාශ සම්බන්ධයෙන් දකුණේ සමාජයෙන් බොහෝ විරෝධතා එල්ල වු අතර උතුරේ ඇතැම් ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.
සාධනීය විවේචනයක් :
කෙසේවුවද මන්ත්‍රීවරියගේ විවේචනයට ලක්වූ කරුණු සැකෙවින් මෙසේය.
- ''ඇත්තටම ගැණූ කෙනෙකුගේ අමාරුව තවත් ගැහැණියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. පිරිමින්ට තේරෙන්නේ නැහැ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරා දමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට අපි කුමක් කළ යුතුද?''
- අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කල යුතුයි ''
- අපේ තරුණයන් රැකියා නැතුව අද පාරවල් ගානේ රස්තියාදුවෙන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. රැකියා නැතිකම හේතුවෙන් ඒ පිරිස මත්ද්‍රව්‍යට යොමුවෙලා.
- 2009 මැයි 18 න් පසුව දේශපාලන නායකයෝ තමන්ගේ වාහනවලින් මත්ද්‍රව්‍ය යාපනයට එවලා තිබෙනවා. ඒක නිසා අද යාපනයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා.
- යුද්ධය ඉවර කළාට ආණ්ඩුවට උතුරේ වැන්දඹු පවුල්වලට මොකුත් කරලා නැහැ. උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු උතුරේ තරුණ තරුණියන්ට මොකුත් කරලා නැහැ.
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත අනුව උතුරු පළාතේ වැන්දඹු පවුල් 30000 ක් ඉන්නවා.ඒ අයට මොනවාද දිලා තිබෙන්නේ. ඒයාලට මොන ආදායමක්ද තිබෙන්නේ.අපේ මිනිස්සු අද හිඟා කන තත්ත්වයට පත්වෙලා.
- යුද්ධයෙන් පුනරුත්තාපනය වුණ එල්ටීටීඊ සාමාජිකයින් දැන් 12000 ක් ඉන්නවා. රජය ඒ අයට මොනවාද කරලා තිබෙන්නේ. ඒ අයට උදව් කිරීම අද පැත්තකට දාලා තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
