බෞද්ධ මහා සම්මේලනයේ බිලියන ගණනක ගැහිල්ලක් !

බෞද්ධ මහා සම්මේලනයේ බිලියන ගණනක ගැහිල්ලක් !

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිදුව ඇති රුපියල් බිලියන ගණනක් වටිනා මුදල් සහ දේපල අක්‍රමිකතා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස බල කෙරෙමින් විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට එහි සාමාජිකයන් සූදානම් වන බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව එළඹෙන අඟහරුවාදා (10) වනදා මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත.

එසේම මේ වන විටත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිදුව ඇති වංචා හේතුවෙන් 2018 -01-06 දින  පැවැත්වූ 98 වන  සංවත්සර සභාවේ සහ 91 වන මහ සභාවේදී විගණන වාර්තා සම්මත කරගත නොහැකිවී ඇත.

ඊට බලපෑ ප්‍රධාන දුෂණ චෝදනාව වන්නේ රුපියල් බිලියන තුනක් වටිනා කොළඹ 07 පිහිටි දේපළ සහ රුපියල් මිලියන 175ක වටිනා කමක් ඇති ස්වර්ණ පෙදෙස, කාසල් වීදියේ වූ දේපල මුදල් ලබාගෙන අන්සතු කර තිබීමය.

මේ සම්බන්ධව 2018-04-12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදුකර ඇත. එම පැමිණිල්ල බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපති ජයන්ත පීරිස් (2532) විසින් සිදුකර ඇත.

එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත මුදල් කර ඇති දේපල වලට අමතරව සම්මේලනය සතු තවත් දේපල ඉදිරියේදී විකිණීමේ අපේක්ෂාවක් ඇති බවට සැකයක් ඇති බවත් සම්මේලනයේ විගණන පරීක්ෂණකාර සමාගම වූ මුණවීර හා සමාගමට අදාළ දේපල විස්තර ලබානොදීම ප්‍රශ්නකාරී වන බවත්ය.

එසේම එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ විගණන වාර්තාව සම්මතවී නැතත් එය සම්මතවූ ආකාරයට ජගත් සුමතිපාල ඇතුළු සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු පාර්ශවය කටයුතු කරන බවය.

තවද සම්පත් බැංකුවේ බොරැල්ල ශාකාවේ පෘතුලා පාරමී මායාකඩුව සහ මායාකඩුව නමින් විදෙස් මුදල් ආධාර ඒකරාශී කළ ගිණුමක් පැවති බවත් මේ වන විට එම ගිණුමේ මුදල් වංචනික ගෙන ගිණුම වසා දමා ඇති බවද එහි සඳහන්ව ඇත.

මෙම පැමිණිල්ලේ පිටපත් බුද්ධශාසන අමාත්‍යවරයාවූ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ එවකට සංස්කෘතික විෂය අයත් අකිල විරාජ් කාරියවසම් වෙත යැවුවද මෙතෙක් ඊට නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.

කෙසේවුවත් අද  (09) දිනයේ මේ සම්බන්ධව විශේහ සාකච්ඡාවක් බුද්ධශාසන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් ජගත්  සුමතිපාල ඇතුළු වත්මන් පරිපාලනය විසින් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය ට සිදුකර ඇති හානිය අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන බවද එම විරෝධතාවට සූදානම්ව සිටින පාර්ශවය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න