රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරිපිට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සිදුකල විගඩම තරයේ හෙළ දකින බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසිය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (07) දින යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුනු විධ්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ ප්‍රාථමික කර්මාන්ත දිරිගැන්වීම සඳහා අධාර ලබා දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘රංජන් රාමනායක මහතා කරපු දේ මම හෙලා දකිනවා. විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනයෙන් කතාකරන්නේ ලොකු විශ්වාශයකින්. එහෙම මාධ්‍ය ඉස්සරහා ස්පිකර් දාලා කතාකරනවනම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතාකරන්නේ කියලා. නමුත් රන්ජන් ඇමතිතුමා එහෙම කලේ නැහැ. එක බරපතල වරදක් '' යයි එහිදී ඇමතිවරයා පැවසිය.
විජයකලා මහේෂ්වරන් කියපු කතාව :
මෙම උත්සවයේදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය, උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන්ට ජාතීවාදී ලෙබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවටත් චෝදනා කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය මෙසේද කියා සිටියා ය.
‘ඔබ දන්නවා දැන් දකුණේ ඇතම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ද කරනවා, නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා, ඒක වෙනස් කරන්න ඕන.
දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා. නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට.
අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධූරයත් අතහැරියා''
''එතුමිය කීයටවත් නැවත යුද්දයකට කැමති නැහැ''
උත්සව අවස්ථාවෙන් පසුව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයන් පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍ය දයාගමගේ මහතා ගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසිය.
‘විජයකලා මහේසවරන් මහත්මියට එතුමියගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරි උනහම එතුමියට විතරක් නොවෙයි, මේක මටත් අපිටත් අපි ගැනම වේදනාවක් ඇති වන අවස්ථාවල් තියනවා. මම විශ්වාශ කරනවා එතුමිය කීයටවත් නැවත යුද්දයක් ඇති වෙනවටනම් කැමති නැහැ.
අනතුරුව අමාත්‍ය දයාගමගේ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ඇතුලු පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා නව කෘෂිකාර්මික සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.
රන්ජන්ගෙන් මාධ්‍ය ඉදිරියේ විජයකලාට කෝල් එකක් ගත් හැටි මෙන්න

