අධ්‍යාපන ඇමති, අධ්‍යාපන රාජ්‍ය ඇමති, පළාත් අධ්‍යාපන ඇමතිවරු 9 ක් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පත් කර තිබියදී පසුගියදා අධ්‍යාපනයට තවත් අධීක්ෂණ මන්තී‍්‍රවරු දෙදෙනක් පත් කිරීම බරපතල විහිළුවක් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
නිවේදනයක්මෙ නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මේ සඳහන් කරන්නේ අධ්‍යාපන අධීක්ෂණ මන්තී‍්‍රවරු ලෙස මාහාචාර්ය ආශු මාරසිංහ හා ඉම්රාන් මහරුෆ් යන අය පත්කිරීම සම්බන්ධවය.
එසේම අධ්‍යාපනයට 6% ක් වෙන් කරන බව පවසමින් බලයට පත් රජය අධ්‍යාපනයට සොච්චම් මුදලක් පමණක් වෙන්කර අධ්‍යාපනයට බරක් වන ලෙස අධීක්ෂණ මන්තී‍්‍රවරු පත්කර ඇති බවත් එම මන්තී‍්‍රවරු සඳහා අවශ්‍ය පහසුකම්, කාර්යාල ලබාදීමට වැය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට වැය කිරීමට ඇති මුදල් බවටත් එම නිවේදනයේ චෝදනා කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇති ආකාරයට ලංකාවේ පාසල් 10152 න් රේඛීය අමාත්‍යාංශ්‍ය මගින් ඍජුවම පාලනය වන්නේ පාසල් 353 කි. සෙසු පාසල් පළාත් සභා පාලනය යටතේ පවතී. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 260 ක විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු කටයුතු විධිමත්ව කර ගත නොහැකි තත්වයක තවත් මන්තී‍්‍රවරු දෙදෙනෙක් ද නඩත්තු කිරීම අනවශ්‍ය වැයකි.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ඍජුව ඕනෑම අමාත්‍යාංශයක් අධීක්ෂණය කිරීම හා සොයා බැලීමට හැකියාව තිබියදී මේ ආකාරයෙන් සුවිශේෂ මන්තී‍්‍රවරු පත් කිරීම ආණ්ඩුවේ අර්බුද වසා ගැනීමට දරණ ප‍්‍රයත්නයකි. ඇමතිවරු 20 කට සීමා කිරීමට බලයට පැමිණි රජයක් මේ ආකාරයෙන් දේශපානඥයන්ට වරදාන දෙන තත්වයෙන් කටයුතු කිරීමත්, ඒ සඳහා රටේ අධ්‍යාපනය යොදා ගැනීමත් බරපතල ගැටලූවකි. එසේම පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවක් ද පවතින අතර, එමගින් ද අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගන්නා තත්වයක මෙවැනි පත් කිරීම් අනවශ්‍ය බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

