බෙල්ල කපා ගන්න දෙයක් නෑ : පාර්ලිමේන්තු විවාදයට ලෑස්ති වෙන්න - එජාපය මහින්දට දන්වයි 

බෙල්ල කපා ගන්න දෙයක් නෑ : පාර්ලිමේන්තු විවාදයට ලෑස්ති වෙන්න - එජාපය මහින්දට දන්වයි 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා  චීන සමාගමකින් ඩොලර්  මිලියන 7.6 ක අල්ලසක්  ලබා දීම ගැන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්  ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් පවසයි.

අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට  අනුව ලබන පාර්ලිමේන්තු සතියේදීම මෙම විවාදය ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එසේම  මේ පිළිබඳව කන්දේ ලන්දේ කතා කරනවාට වඩා  පාර්ලිමේන්තුවේ කතා කිරීම සුදුසු බව  එක්සත් ජාතික පක්ෂයේ මතය බවත් කඩපිල් ගානේ ගොස් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන  පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට  තම නිර්දෝෂි බව ඔප්පු කර ගැනීමේ හැකියා තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත. 

නායකයින් ප්‍රශ්නවලට  උත්තර දිය යුත්තේ රාජ තාන්ත්‍රික  අයුරින් මිස හන්දි ගානේ ගොස් බෙල්ල කපා ගන්නවා  යනුවෙන් පැවසීමෙන් නොවන බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න