පරිපාලන සේවා  සඳහා විශේෂිත වැටුප් දීමනාව ගැන කැබිනට් තීරණයක් නැහැ !

පරිපාලන සේවා  සඳහා විශේෂිත වැටුප් දීමනාව ගැන කැබිනට් තීරණයක් නැහැ !

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් සඳහා විශේෂිත වැටුප් දීමනාවක් ලබාදීමට  හෙට (10) පැවැත්වෙන  අමාත්‍ය මණ්ඩල හමුවේදී  කිසිඳු තීරණයක් ගැනීමේ සූදානමක් නැති බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය දිනක පරිපාලන සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු  දමමින්  තමන්ට පමණක් රු. 15,000 සිට රු. 50,000 දක්වා විශේෂිත වූ දීමනාවක් ලබාගැනීමට  උත්සුක වීම මත ඔවුන්ට පමණක් අදාළ  දීමනාව අනුමත කරන්නට යන බවට පැතිර යන රාවය සම්බන්ධව ආණ්ඩුවෙන් කල විමසීමකදී මේ බව අනාවරණය විය.

මෙම රාවය පැතිරීමත් සමඟ අද (09) ගණකාධිකාරීවරුන් ලෙඩ නිවාඩු දමා ඇති අතර එළඹෙන බදාදා   (11)   දිනයේ සැලසුම් සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇතැයිද  වාර්තා වේ.

මෙම තීරණයට දීප ව්‍යාප්ත වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංවිධානයද සහය ලබාදෙන බව වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකා විගණන සේවය, සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය, දේශීය ආදායම් පොදු සේවක සංගමය, දේශීය ආදායම් ගණකාධිකාරීවරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන පරිපාලන සේවා ඇතුළු බොහෝ දීප ව්‍යාප්ත සේවාවලට අයත් නිලධාරීන්ගේද සහාය ඊට  ලැබෙන බව වෘත්තීය සමිති ආරංචිමාර්ග සඳහන් කරයි.

 කෙසේ වුවත් මේ සම්බන්ධව අප කල සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණය වූයේ  ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් සඳහා පමණක් විශේෂ දීමනාවක් ලබාදීම ගැන රජය විසින් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවය. ඒ  සමාන වැටුප් ලබන සමාන්තර ශ්‍රේණියේ බොහෝ අය සිටින බැවින් මෙම දීමනා ලබාදීම ගැන වඩාත් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට සිදුව ඇති බවත් ඒ අවසන්වනතුරු  අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගැනීමේ අදහසක පසු නොවන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න