කාන්තාවන්ට "මත්පැන් තහනම" : පෙත්සම විභාගයට !

කාන්තාවන්ට "මත්පැන් තහනම" : පෙත්සම විභාගයට !

කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරනු ලබන ස්ථානවල සේවය කිරීමට තහනම් කිරීමට එරෙහිව ක්‍රියාකාරිනියන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ. 

එම පෙත්සම පිළිබඳ පැවති දීර්ඝ වාද විවාද වලින් පසුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවසර දී ඇත.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් 2019 පෙබරවාරි මස 06 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත්  එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මුදල් සහ ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසට නොතීසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරනු ලබන ස්ථානවල සේවය කිරීමට අවකාශ සලසා දෙමින් මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කටයුතු කර තිබු අතර නමුත් මෙම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත්වූයේ ඒ අනුවය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන සඳහන් කර ඇත්තේ  කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ විකුණනු ලබන ස්ථානවල සේවය කිරීමට අවස්ථාව සලසා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැණි බවය.

එසේම මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම තුළින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වීමක් සිදුවන බවත්  මත්පැන් නිෂ්පාදන කටයුතුවල නිරත සමාගම් තුළ කාන්තාවන් විශාල පිරිසක් රැකියාවල නිරත වී සිටින අතර  රජයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් කාන්තාවන් විශාල පිරිසකට රැකියා අහිමි වන තත්ත්වයක් මතුවන බවද ඔහු  පෙන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න