කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල සමාගම නොසලකා හැර චීන සමාගමකට ලබාදීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට සදහන් කරමින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව ඊයේ (11) විභාගයට ගෙන ඇත.
එහිදී ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර ඇත්තේ වැඩිදුර කරුණු විමසීම සඳහා එම නඩුව මෙම මස 17 වනදා නැවත කැඳවීමටය.
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටින්නේ විදුලි ඒකකයක් සදහා අවම මිල වන 14.98 ඉදිරිපත් කල දේශීය සමාගම සහ චීන සමාගමේ මිල වන 15.97 අතර වන පරතරය මත මෙම ටෙන්ඩරය චීනයට ලබාදුන්නහොත් අදාළ සමාගම විසින් බලාගාරය පවත්වාගෙන යන වසර 20 ක කාලසීමාව තුල රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50 (කෝටි 5000) වන අතර එය මෙරට විදුලි පාරිභෝගිකයින්ට දැරීමට සිදුවනු ඇති බවය.

