අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවලින් ඉගැන්වීමේ සුදුසුකම් වන ඩිප්ලොමා සහ උපාධි සුදුසුකම් ඇති අය පමණක් ගුරු සේවයට බඳවා ගත යුතු බවට 1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කළ වගන්තිය වසර 30 ක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ක්‍රියා කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන ‘සුභග‘ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
එම උත්සවය අද (12) පැවැත්වුණ අතර එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉහත වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේදී සෑම ගුරුවරයකුටම එම පහසුකම නොතිබු නිසා වගන්තියට අනුකූලව පුද්ගලයන් පිරිසක් බඳවා ගන්නට හැකිවන තෙක් ගුරු සේවයට වෙනත් තැනැත්තන් බඳවා ගැනීම රාජ්‍ය සේවා කොමිසමෙන් පවත්වන බඳවා ගැනීමේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිදු කරන බවටද වගන්තියක් ඇතුළත් කළ බවය.
නමුත් මේ වගන්ති හරියාකාරව ක්‍රියාත්මක නොවීම සිසු පරපුරට කර ඇති විශාලතම අපරාධය බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ප්‍රමතීන් ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
දැනට බඳවා ගෙන සිටින පිරිසට අදාල පුහුණුව දීමට කාලයක් ලබා දෙන අතර එසේ නොකළහොත් මුළු අමාත්‍යංශයටම නීතියෙන් දඩුවම් කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

