බැසිල්ගේ කුණු ලේ නිසා මන්ත්‍රීලාගේ පටි රෝල් වේ! 

බැසිල්ගේ කුණු ලේ නිසා මන්ත්‍රීලාගේ පටි රෝල් වේ! 

බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්  කුණු ලේ පැහැති ඇඳුමින් සැරසී  අද  (12) පැවැති බස්නාහිර පළාත් සභා නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පැමිණීම සම්බන්ධව එහි සිටි ආරාධිතයන්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

නව පරිපාලන ගොඩනැගිල්ල බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා ඇති අතර එය අද විවෘත කරනු ලැබුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ය.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නම් පළාත් සභා මන්ත්‍රීවරුන් සභා ගර්භයට ඇතුල්වනුයේ සුදුපැහැති ඇඳුමෙන් සැරසීය. එහෙත් කුණු ලේ පාට වස්ත්‍රවලින් සැරසී පැමිණි පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන්  නව පළාත් සභා ගර්භයේ අසුන් ගනුලැබුවේද අදාළ කුණු ලේ පැහැති ඇඳුමින්මය.

නව  ගොඩනැගිල්ල විවෘත කිරීමේ ප්‍රධාන උත්සවය දෙවැනි මහලේ පවත්වා ඇති අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්වැනි මහලේ සිට පහළට බැස අදාළ උත්සව සභාව මඟහැර යන අයුරු දක්වමින් ගිය බවද දැනගන්නට ඇත.

ඕක බැසිල්ගේ වැඩක් !කෙසේ වුවත් උත්සවය අවසන්වූ පසු පැමිණ සිටි  සංඝරත්නය ඇතුළු බොහෝදෙනෙකු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුගේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩිව දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වන අතර ඔවුන් බොහෝදෙනෙකු පෙන්වා දී ඇත්තේ උත්සවයට සහභාගිවීමට අකමැත්තක් තිබුණේ නම් එයට සහභාගි නොවී සිටීම මහත්මා ගතියක් බවත්, ඒ හැර මෙවැනි පහත් හැසිරීම් කොහෙත්ම අනුමත කරන්නට නොහැකි බවත්ය.

කෙසේවුවද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අදාළ උපදෙස් දී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවට ද එහිදී කතා බහට ලක්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න