කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට යොදාගත් බව කියන නාවික හමුදාවේ වෑන් රථය ඉන් පසුව සම්පුර්ණයෙන්ම අළුත්වැඩියා කොට ඇතත් එම අළුත්වැඩියාවන් සම්බන්ධ තොරතුරු ලබාදීම නාවික හමුදාව විසින් මේ දක්වාම මඟහරින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දන්වා ඇත.
ඒ අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද (12) කැඳවූ අවස්ථාවේය. තවද නාවික හමුදාවේ වෑන් රථය පිළිබඳව පමණක් නොව සැකකාර නාවික හමුදා භටයින් පරිහරණය කළ යතුරු පැදි පිළිබඳවද තොරතුරු ලබාදීම නාවික හමුදාව විසින් මඟහරින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දන්වා ඇත. 2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වනදා අතර කාලයේදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියකට අදාළව පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබිණි.

