රියදුරු බලපත්‍ර ලබා දීමේදි පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි සඳහන් කරන ආකාරයට රියැදුරු බලපත්‍රයක් ලබාදීමේදී සිදුකරන ලිඛිත පරීක්ෂණය පරිගණක පද්ධතියක් ආශ්‍රයෙන් පවත්වන්නට ගෙන ඇත.
එසේම ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම නව ක්‍රමය අද(12) සිට වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදි ආරම්භ වන බවයි.
ඒ සඳහා පරිගණක යන්ත්‍ර 143ක් සවි කර ඇති අතර ඉදිරියේ දී එය සෙසු දිස්ත්‍රික්ක සඳහාද ව්‍යාප්ත කරන බවත් ඔහු පවසයි.
ඒ අනුව නව ක්‍රමවේදයට යටතේ පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පරිගණක තිරය මත දිස්වන අවස්ථාවේ නිවැරදි පිළිතුරු ස්පර්ශ කිරීමෙන් පිළිතුරු සැපයීම සිදුවන අතර පිළිතුරු සපයා අවසන් වන විට අපේක්ෂකයා ලබා ගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වෙයි.
මෙම පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පැරණි ක්‍රමය යටතේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් හා කතිරය සලකුණු කරන පිළිතුරු පත්‍රයක් ලබාදීම හරහා සිදුකෙරුණු කෙරුණි.

