ඇමති ධුරවලින් ඉවත් වී විපක්‍ෂයය එක් වු ශ්‍රීලනිප 16 කණ්ඩායම විසින් ‘හෘද සාක්‍ෂියේ නිදහස’ නමින් ආරම්භ කර තිබූ ජනහමු මාලාව අවසන් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විට ශ්‍රීලනිප 16 කණ්ඩායම 14ක් බවට පත්වීමත්, එයින්ද තවත් පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී කටයුතු කිරීමේ සූදානමක් පැවතීම මත මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ‘හෘද සාක්‍ෂියේ නිදහස’ ජනහමු මාලාව ආරම්භ කරන ලද්දේ රට පුරා රැස්වීම් පැවැත්වීමට වුවද දෙකක් පමනක් පැවැත්වීමෙන් පසු එම වැඩපිලිවෙල අවසන් කර තිබේ.
එකී රැස්වීම් මාලාවේ පළමුවැන්න මාතරදී පැවැති අතර දෙවැන්න මාතලේදී පැවැත්වීය.
මේ අතර පසුගියදා අමාත්‍ය සරත් අමුණුගම සඳහන් කර සිටියේ ශ්‍රීලනිපයෙන් ඈත්ව ගිය 16 කණ්ඩායමේ පිරිසක් නැවත ඒකාබද්ධ විපක්ෂය අත්හැර ශ්‍රීලනිපය සමඟ එක්වීමේ සූදානමකින් පසුවන බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද පසුගියදා එම ප්‍රකාශය සිදුකර තිබිණ.

