(14) සිට ජූලි 16 දක්වා රෝමයේදී පැවැත්වෙන ලෝක වන සංරක්ෂණ කමිටුවෙහි 24 වන සැසිවාරයට සහ 6 වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් අවස්ථාවට සහභාගීවීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන අද දහවල් රෝමය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරන බවත් වන සංරක්ෂණය පිළිබඳ ප‍්‍රතිපත්ති ශක්තිමත් කරලීම හා වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙම සමුළුව පුළුල් දායකත්වයක් සපයන බවද එහි සඳහන් වේ.
ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප‍්‍රධාන ජයග‍්‍රහණ පිළිබඳව එහි සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමි වන බවත් ශී‍්‍ර ලංකාවේ වන ඝනත්වය 29් - 32් දක්වා ඉහළ නංවා ගැනීමට ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ සහ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් පියවර රැසක් කි‍්‍රයාත්මක කරමින් සිටින අවස්ථාවක මෙම සැසිවාරය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහභාගීත්වය සුවිශේෂී වන බවද එහි සඳහන් අතර ජනාධිපතිවරයා ජූලි 16 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහි සඳහන්ව ඇත.

