නිකවරටියෙන් සහ වෙල්ලස්සෙන් :  “ගම්පෙරළිය”   ජූලි 15 වැඩ අල්ලයි !

නිකවරටියෙන් සහ වෙල්ලස්සෙන් :  “ගම්පෙරළිය”   ජූලි 15 වැඩ අල්ලයි !

දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ, නිකවැරටිය නගරයෙන් හෙට (15) දින ආරම්භ වන බව වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් පහත සඳහන් උත්සව සංවිධානය කර ඇත.
                10.00 : නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹිම
                12.30 - මහජන බැංකුව- එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීම.
                12.45 - ලංකා බැංකුව- එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීම.
                ප.ව. 01.00  – ”දියුණුවේ රැළිය” නිකවැරටිය නගරය
 
මෙම උත්සව සජීවී ලෙස විකාශය කිරීමට ජාතික රුපවාහිනිය හා ITN නාලිකාව කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

ගම්පෙරළිය සමඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාත් එයි !

තවද නව ව්‍යවසායක ප්‍රජාවක් බල ගැන්වීම ඉලක්ක කොට රජය මෙවර අය-වැයෙන් හඳුන්වා දුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන ක්‍රියාත්මක කරන බැංකුවල ඒ සඳහා විශේෂ ඒකක නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර  ඒ අනුව නිකවැරටිය ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ විශේෂ ඒකක හෙට (ජුලි 15) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර ඇති අතර මේසා විශාල මුදලක් රජය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදෙනුයේ මං මාවත්, ඇළ දොළ, වැව් අමුණු ඇතුළු අනිකුත් යටිතල පහසුකම් නංවාලීම සඳහායි.

ගම්පෙරලිය - වෙල්ලස්සේ වැඩසටහන

එමෙන්ම 'ගම්පෙරළිය' සංවර්ධන සංග්‍රාමය හරහා වෙල්ලස්සට නව පණක් දීම සඳහා යෝජිත වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය හෙට (15) දා ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ වෙනුවෙන් රන්ජිත් මද්දුම බණ්ඩාර හා විජිතමුණි සොයිසා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පහත සඳහන් උත්සව සංවිධානය කර ඇත.
                පෙරවරු  9.00 ට - වැල්ලවාය මීදෙනිය පාලම ඉඳිකිරීම සඳහා මුල්ගස පැලකිරීම.
                පස්වරු 2.00 ට   - මඩුල්ල කොන්ගස්ආරාව වැව ප්‍රතිසංස්කරණය
                පස්වරු 4.00 ට   -සියඹලාණ්ඩුව මිකොටුආර වැව ප්‍රතිසංස්කරණය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න