හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක් 

හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක් 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හමුදාපතිවරයා මේ බව අවධාරණය කරන අතර වගකිව යුතු හමුදාවක් ලෙස කිසිදු හමුදා කඳවුරක් වසා දැමීම ක්‍රියා නොකරනු ඇති බවද  එහි සඳහන් කර ඇත.

 යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම් පිළිබද ඇතැම් අවස්ථාවාදි දේශපාලනඥයන් සහ මාධ්‍ය නොයෙකුත් අසත්‍ය මෙන්ම ද්වේෂසහගත තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවද එම නිවේදනයේ දක්වා ඇත.

පාලනමය රාජකාරි සදහා යොදවා සිටින භට පිරිස් ඉන් මුදවා ඔවුන් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර රාජකාරි සදහා යෙදවීම යුද හමුදාව නිරන්තරයෙන් කළ කාර්යයක් බවත් එමගින් යුද හමුදාවේ කාර්යක්ෂමතාව දෙගුණයකින් පමණ වැඩි බවත් යුද හමුදාපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

එය බළඇණි වසා දැමීමත් නොව බලඇණි යටපත් කිරිමක් පමණක් වන අතර එම බල ඇණි වල මානව හා භෞතික සම්පත් අනෙකුත් බල ඇණි අතර සමානුපාතිකව බෙදාහැරෙන බවද එහි දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න