පිළිතුරක් නිසා මාධ්‍යවේදීන්ට පරණ මහින්ද සිහිවෙයි !

 පිළිතුරක් නිසා  මාධ්‍යවේදීන්ට පරණ මහින්ද සිහිවෙයි !

ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලබාදුන් පිළිතුරේ ස්වභාවය අනුව තම පාලන සමය තුළ සිටි මාධ්‍ය බියගන්වා නිහඬ කළ  ජනාධිපති  මහින්ද  සිහිවූ බව මාධ්‍යවේදීන් සඳහන් කරයි.

එහිදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති සඳහන් කර ඇත්තේ ” පිස්සු පිස්සු කතා කරන්න එපා…”යනුවෙන්ය.

මාධ්‍ය වාර්තා පළවූ සිදුවීමක් සම්බන්ධව මෙවැනි පිළිතුරක් තමන් කොහෙත්ම අපේක්ෂා නොකළ බවත් පිළිතුර ලබාදුන් ආකාරයෙන්   පාලන බලය නොමැති පසුබිමක ඔහුට මෙතරම් කේන්තියක් යනවා නම් නැවත බලය ලැබුණහොත් කෙසේ කටයුතු කරනු ඇතිදැයි සාධාරණ බියක් තමන්ට දැනුණු බවද ඔවුන් සඳහන් කරයි.

මෙම සංවාදය හිටපු ජනාධිපතිවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූයේ "හෙට දිනයේ පළමු නඩු කටයුත්ත විභාගයට ගැනෙන විශේෂ අධිකරණය පිහිටුවා ඇත්තේ, දේශපාලනික අවශ්‍යතාව මත බව" හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ අවස්ථාවේය.

ඒ  අද (15) පිළියන්දලදී ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. 

මෙහිදී මාධ්‍යවේදීන් තවදුරටත් හිටපු ජනපතිවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය.

මාධ්‍යවේදියා : ඔබතුමා හරි වැරදියි

හිටපු ජනපති : මොකක්ද?

මාධ්‍යවේදියා : ලොකු හාමුදුරුවෝ දන්නවා හරියටම ඊළඟ ට ඉදිරිපත් වෙන්නේ කවු ද කියලා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවාම කරගන්නවා කිව්වා.ඇයි ඔබතුමා හාමුදුරුවන්ට කිව්වේ හොරෙන් අපිට කියන්නේ නැතුව?

හිටපු ජනපති : නෑ මන් කාටවත්ම ඒවා තාම කිව්වේ නෑ හාමුදුරුවන්ට කිව්වේත් නෑ

මාධ්‍යවේදියා : හාමුදුරුවෝ කිව්වානේ ගෝඨාභය මහත්තයා ආවාම අපි මේක කරගන්නවා කියලා?

හිටපු ජනපති : මම ආවාම ගෝඨාභය මහත්තයාට කරන්න පුළුවන්නේ වැඩ.

මාධ්‍යවේදියා :ආ එහෙම එකකුත් තියනවා ?

හිටපු ජනපති : එහෙම එකකුත් තියනවා.

මාධ්‍යවේදියා : නෑ නෑ නෑ මාධ්‍ය වාර්ථා පලකළා මහත්මිය ජනාධිපතිවරයට ඉදිරිපත් වෙනවා කියලා

මෙහිදී ඉදිරි ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ පැනයට හිටපු ජනපති ලබා දුන්නේ මෙවන් පිළිතුරුකි.

” පිස්සු පිස්සු කතා කරන්න එපා…”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න